3 years ago
ginikikili, novel, sinhala“ඔව් ආච්චියෙ තේ එක දීලා එවන්න රංජියා හිටියෙ නෑ ඒකයි මංම අරන් ආවෙ. නැත්නම් මට පාඩම් කරන්නත් තියෙනව. අනිද්ද්ට ටෙස්ට් එකත් පටන් ගන්නවනෙ.“
'එහෙනම් විගහට ගිහින් පාඩම් වෑඩ ටික කරගනින් දුවේ. මාත් විගහින් එන්නම්කො. තව බිතතර ටිකයිනෙ තියෙන්නෙත්.' කියා ආච්චි කෝප්පයේ ඉතිරිව තිබූ තේ මන්ඩි ටික තණකොල ගොල්ල දෙසට විසිකර හිස් මිලංකා අතට දුන්නාය. බෑගය යළිත් උරෙන් පන්නා ගත් මිලංකා ආච්චිගේ කෝප්පය බෑගයට දමාගෙන ආච්චිගෙන් සමු ගත්තාය.
ඉන්පසු මිලංකා පාලම දිගේ නිවස දෙසට ඇවිද යන අයුරු ආච්චී පාර අයිනටවී බලා සිටියා ය.
අනේ මගේ අහිංසකී, අම්මා තාත්තත් අහලක නෑතුව මගේ ලග වෑටීගෙන හිටියා වුනාට කොහොම ඉන්න ඔනෙ දරුවෙක්ද... ඒත් ඉතින් කිසි කන් කෙදිරියක් නෑතුව ඉන්නවනෙ. ඉතින් ... ඇත්තට මාලිනීට වුණත් හිතට බයක් නැත්තෙ කෙල්ල මා ළඟ ඉන්න නිසා නෙ. නෑත්තන් මේ තරම් ඇහැට කනට පේන කෙල්ලෙක්ව මේ කොළඹ රටේ තනියම තියන්න පුළුවන්කමක් තියේයෑ. මොනවා වුණත් මාලිනී හොද මොලේ ඇති වැඩක් කළේ කෙල්ලව ඉස්ස්කොලෙන් අස්කරගන්න හිතන්නෙ නැතුව.
බිත්තර ආච්චි හෑටියට පාර්ලිමේන්තු පාරේ ගමන් ගන්නා කොයි කවුරුත් දන්නා සුමනාවතී එලෙස සිතන්නට වුයේ ඇගේ එකම දියණියවූ මාලනීගේ කුළුදුල් දියණිය මිලංකා වූ හෙයිනි.
සුමනාවතීගේ දියණිය මාලනී ඉතා රූමත් තරුණියකවූ හෙයින්ම ඈ අවුරුදු විස්සක් වන්නටත් පළමුව ඈ පස්සේ බොහෝ කලයක් තිස්සේ පැමිණි තරුණයෙකු හා විවාහ වූයේ එම තරුණයාගේ දෙමාපියන්ගේ අනුදැනුමකින්ද තොරව ය.
පහළ මධ්යම පන්තික පවුලක්වූ සුමනාවතීගේත් ඇඩ්වින් රාළහාමිගේත් පවුළට එවන් හිතුවක්කාර විවාහයකට කැමැති වන්නට තරම් හිතේ සතුටක් නොතිබුණද, ඒ විවාහයට විරුද්ධ වන්නට තරම් හයියක් තිබුණේ ද නැත.
ඒ අනෙකක් නිසා නොව, රජයේ ගබවාවක මුරකරුවෙකු හෑටියට සේවය කළ ඔහුට මේ මඟුළට අකැමැති වුවත්, මාලනීට හරිහැටි මඟුළක් කර දෙන්නට තරම් වත් පොහොසත්කමක්වත්, සමාජ තත්ත්වයක්වත් ඔහු වෙත නොතිබුණු බැවිනි. ඒ හේතුව නිසාම සුමනාවතීගේ බහට අවනතව නිහඩව ජීවත්වෙනවා හැරෙන්නට කළ හැකි අන් දෙයක් ඔහු වෙත නොවීය.
ඔවුන්ගේ දියණියගේ විවාහය බොහෝ නිහඩ විවාහයක් වුවද මාලනීත් ඈගේ පෙම්වතාව සිටි සේනකත් ඉතා තෘප්තිමත් යුග දිවියක් ගත කළේ සේනකට ඉතා උසස් රෑකියාවක් ද, ඊට අමතරව ඔහුට තම පරම්පරාවෙන් හිමිව තිබූ තේ වත්තක ආදායමෙන් කොටසක් ද මාස්පතා ලැබෙන්නට වූ නිසා පමණක්ම ම නොව, මාලනී කෙතරම් රූමතියක වුවද, ඇය ජේත්තුකාරියක හෝ කළබලකාරියක නොවූ බැවිනි. විවාහවී වසරක් ලබන්නට වෙත්ම මාලනී මවක වූයේ මිලංකාගේ උපතත් සමගිනි.
ඉතා නීරෝගී බිළිදියක ලෙස උපන් ඇය, එලෙසින්ම සුන්දර දැරියක ලෙස වැඩන්නට වූවාය. නමුත් සේනකටත් මාලිනියටත්, ඔවුන්ගේ බිළිදියටවත් සේනකගේ මහගෙදර දොරටු විවර වූයේ නැත.
මිලංකාට වයස අවුරුදු දෙකහමාර පිරෙන විට ම සේනක ඈයව දිවයිනේ ප්රඩසිද්ධ බාලිකා පාසැලකට ඈතුළත් කළේ මලිනියට පැවැති එකම අඩුව ලෙස ඔහු දුටු සමජශීලී බවත් උගත්කමත් තමන්ගේ
දියණියට නොඅඩුව ලබා දෙන අටියෙනි. ඔහු විශේෂයෙන් ම තම දියණිය මෙම පාසැලට ඇතුළත් කළේ තමන්ගේ පරම්පරාවේ සියලුම කාන්තාවන් මෙම සුප්රිසිද්ධ කාන්තා පාසැලින් උගත්තවුන් වන නිසා ය.
කුඩා දෑරිය පාසැල් ගමන පටන් ගත්තේ එලෙසිනි. ඉන් අනතුරුව ඈය දෙවසරක ළදරු පාසැල් අවදියෙන් පසු සුදෝ සුදුවතින් සෑරසී පාසැල් ගමනද ආරම්භ කළාය. සෑම දෙයක්ම ඉතා සැලසුම් සහගත අන්දමින් කිරීමේ පළපුරුද්ද ඈතිව සිටි සේනක ඒ වනවිට මිලංකාගේ සම්පූර්ණ අධ්යාිපන කාලය වෙනුවෙන් ම මුදල් තැන්පත් කර බැංකු ගිණුමක් අරඹා, එම ගිණුමේ හිමිකම මාලනී වෙත පවරා තිබුණේ තම අවිනිශ්චිත අනාගතය මනසින් දුටුවාක් මෙනි. මිලංකා දෙවන වසරෙහි ඉගෙනුම ආරම්භ කළා පමණි. සේනක අකාලයේ ම ජීවිතයෙන් සමුගත්තේ රිය අනතුරකට ලක්වීමෙනි.
මාලිනිය සිගිති දියනිය ද සමග මෙලොව තනි වූවාය. ඇය යළිත් තම දෙමාපියන් සෙවනට පෑමිණියේ කුඩා සිගිත්තිය ද කර පින්නාගෙන ය.
එතැන් පටන් මේ වන විට අ වුරුදු දහාටක් පමන පසුකර ඈති මිලංකාගේ දිවිය ගෙවුනේ මේ මිත්තණිය සෙවනෙහිය. නමුත් මීට අවුරුද්දකට පමණ පෙර ඈඩ්වින් රළහාමි මිය යන තුරු ම මිලංකා කෙදිනකවත් මෙලෙස පාරට පැමිණ තිබුණේ නෑත. සුමනාවතීටත් මිලංකාටත් ජීවත් වන්නට තරම් ප්රතමාණවත් මුදලක් මේ පවුලට අඩ්වින් රාළහාමිගේ විශ්රාුම වැටුපෙන් ද, මාලනී දෙවන වතාවටත් විවාහවී සිටි නිසා ඈ වෙතින් ද ලැබිණ.
සුමනාවතී මේ බිත්තර වෙළදාම ආරම්භ කළේ ඈගේ කාන්සිය මකා ගෑනීමටත්, ඒ අතරම අවට ජනතාවට සේවයක් සෑලසීමේත් අරමුණෙනි. ඈය මේ කිකිළියන් මුලින්ම ගෙන ආවේ මිලංකා කුඩා අවදියේ ඇයට ගම් බිත්තර සොයා ගැනීම මහත් අසීරු කටයුත්තක් වූ බැවිනි.
එහෙත් මිලංකා ලොකු මහත් වන අතරම ලොකු මහත් වන්නට වූ කුකුල් පට්ටිය ද ඈය අතහැරියේ නෑත. ඇයට මෙම අමතර ආදායමට මග පෑදුනේ ඒ හේතුවෙනි.
ඈය අසල නතර වන වාහනයකින් පැමිණෙන කා සමග වුවත් සුහද ලෙස වදනක් දෙකක් දොඩා ඈය තම කාන්සියද මග හරවා ගත්තාය. එසේම කුඩා දරුවන් වෙනුවෙන්ම ඹ්නෑම කෙනෙක් ගෙනයන මේ ගම් බිත්තර වෙනුවෙන් ඈය කෙදිනකවත් අසාධාරණ මිලක් අය කලේද නැත.ඈය සංජුල හා නීලන් සමගද මෙලෙස සුහද අයුරින් දෙඩුවේ එබැවිනි.
මතුසම්බන්ධයි
රචනය - සන්ධ්‍යා කුමුදුනි සුභසිංහ
Published by
mammypages
Rate the article
1 VoteHAPPY
INDIFFERENT
AMMUSED
EXICTED
ANGRY
SAD
Comments (0)
මමීපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සමාන්‍යය දැනගැනිම පිණිස මිස.එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සදහා යෝදා නොගන්න ඔබට යම් රෝගයක් වැළදී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.. ස්තුතියි