3 years ago
ginikikili, novel, sinhala"ආ... මේක බීලා ඉන්නකො ආච්චියෙ,"
යුවතිය එසේ කියමින් තේ කෝප්පය මහළු කාන්තාව වෙත පෑවාය.
"පොඩ්ඩක් හිටින් දුවේ...ඔය මහත්තේලට මොනව ද?" කියාගෙන ආච්චී යුවතිය පසෙකට කරමින් සංජුල හා නීලන් වෙත හැරුණා ය.
"කීයද ආච්චි අම්මෙ බිත්තර?"
නීලන් ඇසුවේ සංජුල ගේ මුව ගොළුව යද්දී ය.
"රුපියල් නවයයි මහත්තයො."
"නවයයි?"
"ඔව් මහත්තයො, මේ හොද ගම් බිත්තර. මේ පලාතෙ වෙන කොහෙන්වත් මහත්තයාට ගම් බිත්තර නම් ගන්න හම්බ වෙන්නෑ රුපියල් නවයට නම්." ආච්චී තමාගේ වෙළදාම පාරට්ටු කරන්නට ද වූවා ය.
"ෂුවර් නේද ආච්චි?"
"ෂුවර් නේද?"
නීලන්ගේ පැනය පැහැදිළි නොවූ නිසා
ආච්චී ආපිට විමසුවාය.
"ඔව් මේ ගම් බිත්තරයි කියලා?"
"මේ මහත්තයා මොනවා අහනවද මන්දා.මේ මගේ ම ගෙදර මගේ ම කිකිළියන්ගෙ බිත්තර මහත්තයො."
ආච්චී එසේ කීවේ තමා කියන්න
තහවුරු කිරීමට මෙන් යුවතිය දෙස ද බැල්මක් හෙලමිනි. නමුත් යුවතිය එය නොදුටු ලෙසින් ඉවත බලා ගත්තාය. ඒ නොමනාපයෙනි. ඇය අමනාප ගත්තේ ආච්චී සමගින් නම් නොවේ. සිය සවි ශක්තියෙන් උපයා ගන්නා දෙයින් ජීවත් වෙමින්, තරුණ වියේ පසුවන තමාට ද රෑකවරණයක් වෙමින් දිවි ගෙවන තම මහළු ආච්චි අම්මා සමග ඇයගේ හිතේ කිසිම අමනාපයක් නෑත. ඇය අමනාපයට පත්වූයේ එවන් ආච්චි අම්මාට මෙවන් තරුණ කොල්ලෙක් සමච්චල් සහගත ලෙසින් කතා කරනු ඈසීමෙනි.
මේ මහමග
යන-එන කිසිවෙක් මේ යුවතියගේ ආච්චි අම්මාගේ ගම් කුකුල් බිත්තර ගැන නොදන්නේ නැත. එමෙන්
ම. ඒවා මිළට ගන්නට පෑමිණ කුකුල් කොරටුවේ දිග පළල සොයන්නට වද වෙන්නේ ද නැත.
'මේ නම් බිත්තර
ගන්න ඕනෑවට ආපු ගමනක් නෙමෙයි වගෙයි.. .‘
මිලංකා එසේ සිතුවේ ප්‍රශ්නය ඈසූ නීලන්ගේ මෙන් ම ඔහු පසෙකින් හුන් සංජුල ගේත් දෙනෙත් තමා වෙතම යොමුවී
තිබෙණු දෑකීමෙනි. ඈය ඉවත බලාගන්නට වූයේ එම හෑගීමෙනි.
"අපොයි,
මේ මහත්තයා මොනවා අහනවද මන්දා , එක කිකිළියෙක්ගෙන් කොහොමද මහත්තයො මෙච්චර බිත්තර ගොඩක්
ගන්නෙ? මං ළග ඉන්නව හොද ගම් කිකිළියො පට්ටියක්ම."
ආච්චී කීවේ හඩ නඟා සිනාවක් ද පාමිනි.
----
“එක කිකිළිගෙද ආච්චියෙ මේ ඔක්කොම බිත්තර?“
නීලන් ඇසුවේ
මිලංකා දෙස හොරැහින් බලමිනි.
“අපොයි, මේ
මහත්තය මොනව අහනව ද මන්දා, එක කිකිළියෙක්ගෙන් කොහෙන්ද මහත්තයො මෙච්චර බිත්තතර ගොඩක්
ගන්නෙ, මං ළඟ ඉන්නව හොඳ ගං කිකිළියො පට්ටියක් ම.“
ආච්චි කීවේ
හඬ නඟා සිනාවක්ද පාමිනි.
‘අයියෝ මේ ආච්චිත් මොනව අහනවද මන්දා, මෙයා මේවා අහන්නෙ
ඇත්තටම නෙමෙයි කියලා ආච්චිට තේරෙන්නෑ නෙ.‘ කියා මිලංකා සිතුවේ නීලන් දෙසට රවා බලන අතරම ය.
“මටත් අදහසක් තියෙනව ආච්චියෙ හොඳ කිකිළියො ටිකක් හොයාගන්න. හැබැයි වස නැති එවුන් ටිකක්.“
“වස නැති එවුන් ය කිවුවෙ මහත්තයො“
“
කොටන්නැති එවුන් ආච්චියෙ,
සමහර
කිකිළියො හරි වසයිලුනෙ,
උන්
පන්න පන්න කොටනවලුනෙ.
“
ඔහු එසේ කියද්දී ආච්චී මුව විවර කළේ කුම්ක් හෝ කියන්නට බව මිලංකා දත්තාය.
ඇය ඊට පෙරාතුව ම කට ඇරියේ එබැවිනි.
“ආච්චියෙ තේ ටික නිවෙනව දැන්නම්.
“
මිලංකා එසේ කීවේ බිත්තර ගත්තා නොගත්තා, මොවුන් දැන්
පිටව යන්නේ නම් මැනවැයි සිතමිනි.
‘ඇත්ත නේන්නම්,අපි ආව නිසා
ආච්චිට තේ ටික බොන්නත් බැරිවුණා.ඕක බීලා ඉන්න අච්චියෙ බීලා ඉන්න. ඊට පස්සෙ බැරියැ අපිට
බිත්තර ගන්න. මොකෝ කිකිළි දාපු බිත්තර ටික ආයෙ ගන්නයැ...“
“නෑ නෑ මහත්තයො, කියලා ඉන්නකො, මහත්තයට බිත්තර කීයක්ද
ඕනෑ? අර නෝනාත් බලා ඉන්නව, පරක්කු වෙලාද කොහෙද...“
ආච්චි එසේ කියද්දී මෙතෙක්
වේලා නිහඩවම බලා හුන් සංජුලගේද කට හෑරුනි.
'බිත්තර දහයක් දෙන්න ආච්චියෙ.' සංජුල එසේ බිත්තර ඉල්ලුවේ ආච්චීගෙන් වුවත් ඔහුගේ දෙනෙත
නම් එය ඉල්ලුවේ මිලංකා ගෙනි.එමෙන්ම මිලංකා ද ආච්චී ඒ කාරිය ඉටු කරන්නට පෙර ඉස්සර වූයේ
මොවුන් දෙදෙනාගෙන් හෑකිතාක් ඉක්මනින් නිදහස් වීමේ අරමුණෙනි.
'ආ... මෙන්න ආච්චියෙ බිත්තර
දහය.' මිලංකා බිත්තර බෑගය දිගු කලේ තරු ණයින් දෙසට නොව, ආච්චී
දෙසටය.
' කෝ, මෙහෙ දෙන්න, බිත්තර
ඕනැ ආච්චිට නෙමෙයී මටයි.' ඔහු කීවේ රලු හඩිනි. එම හඩෙහි වූ රලු බව නිසාම මිලංකා ගේ
දෙනෙත් ඔහු වෙතට හැරුණේ නිතැතිනි.
------
එහෙත් ඒ වනවිට ඔහු හැරී සිටියේ ආච්චි දෙසට ය. ඒ රුපියල් සියයේ නෝට්ටුවක් ආච්චි වෙත දිගු කරමිනි.
“මෙන්න ආච්චියෙ සල්ලි“ කියමින් තරුණයා තමා වෙතට පෑ රුපියල් සීයේ නෝට්ටුව ආච්චී හැට්ටය අස්සට අත දමා එලියට ගත් හැඹිලිය තුළට රුවා ගත්තේ ඉන් එලියට ගත් රුපියල් දහයේ නෝට්ටුවක් ඔහු අත තබමිනි.
“මේ රුපියල් දහය මචං මේ හමුවීමේ සතුට මතක් වෙන්න සුවනියර් එකක් හෑටියට හැමදාම මා ළඟ තියේවි.“ කියා සංජුල එම මුදල් නෝට්ටුව මුවට ළං කොට යලිත් එය පසුම්බිය තුළ රුවා ගත්තේය.
“ඈයි ගම් කිකිළි මතක් වෙන්නද ? “
“ගම් කිකිළිව නම් මට මේක නැතත් මුලු ජීවිත කාලෙටම අමතක වෙන එකක් නෑ. “ සංජුල එසේ කීවේ යළිත් වරක් මිලංකා දෙසට රළු බෑල්මක් හෙලමිනි.
“මොකක්ද ඒ කිවුවෙ, ගම් කිකිලි? කවුද ගම් කිකිලි එතකොට? “ කියා මිලංකා නිහඩව ම කල්පනා කලාය.
“හරි එහෙනම් බිත්තරත් ගත්තු එකේ යමං දෑන්වත්. අන්න අරෙහෙ නැන්දිත් බලාගෙන ඉන්නවා අපි එනකල්. “ කියමින් නීලන් ආපසු රිය වෙත හැරෙන්නට ගොස් නැවත මිලංකා දෙසට හැරී,
“ගිහින්
එන්නම් නංඟි. එහෙනම්. ආච්චියෙ අපි ආයෙ පස්සෙ වෙලාවක ආපහු එන්නම් බිත්තර ගන්න. “ කියා යන්නට ගියේය.
“එන්නම්“ කියා මිලංකා දෙස බෑලූ
සංජුල ද ඔහු අනුව ම යන්නට විය.
“මහා විසේකාර කොල්ලො දෙන්නෙක්. “යැයි මිලංකා තමාටම කියා
ගත්තාය.
මිලංකා යමක්
පවසනු ඈසුනු ආච්චි යලිත් ඈ දෙසට හැරුණේ,
“මොකක්ද
දුවේ ? “යැයි
අසාගෙනම ය.
“නෑ
ආච්චියෙ මේ තේ එක බීලා ඉන්න දෑන්වත්. “ කියමින් මිලංකා නෑවතත් ආච්චි අතට තේ කෝප්පය
තට්ටුව මතින් අතට ගත්තා ය.
'ඔය යන්නද දුවේ
?'
ආච්චි ඈසුවේ
ඈය ආපසු යන්නට සැරසෙන බව දෑකීමෙනි.
මතු සම්බන්ධයි
රචනය - සන්ධ්‍යා කුමුදිනී සුබසිංහ.
Published by
mammypages
Rate the article
0 VoteHAPPY
INDIFFERENT
AMMUSED
EXICTED
ANGRY
SAD
Comments (0)
මමීපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සමාන්‍යය දැනගැනිම පිණිස මිස.එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සදහා යෝදා නොගන්න ඔබට යම් රෝගයක් වැළදී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.. ස්තුතියි