3 years ago
ginikikili, novel, sinhala'කවුද බන් ඒ කෑල්ල?'
නීලන්ද ඒ දෙසටම නෙත් අලවාගෙන සන්ජුලගෙන් විමසුවේය. ඔහුටද සන්ජුලට මෙන්ම පෙනුනේ බිත්තර විකුනන ආච්චි අම්මාව නොව, ඈ අසලම සිටින යොවුන් දෑරියව ය. කුඩා මල් විසිරුනු රෙද්දකින් නිමැවුනු බොරිච්චි අත් දමා, ඉනට සිහින් රෑලි යෙදු, චිත්ත ගවුමකින් සැරසී සිටි ඇය තමන්ගේ සම වයස් දැරියක බව සන්ජුලට මොහොතින් වැටහින. ඇයගේ ඇදුම නිසාම ඈය වෙතින් දිස්වුයේ ගම්බද දැරියකගේ පවතින චාම් බවකි, ගැමි බවකි. ඉන දක්වා පහලට වැටී ඈති කොන්ඩය ද, තනි කරලක් සේ ගොතා දමා තිබින. ඒ හිසකෙස්වල ඇති රෑලි සහිත බව නිසා ම, එහි ඇති අකීකරුබව දකින ඔනෑම කෙනෙකුට මගහෑරී නොයයි.
'ගම්කිකිලි... සන්ජුල යුවතිය දෙස බලාගෙන ම කීවේය.
'ගම් කිකිලි ?'
'ඔවු බන්, විකුනන්නෙ ඒකිගෙ බිත්තර වෙන්නැති, අර බොඩ් එකකුත් ගහල තියෙන්නෙ ගම් කිකිලි බිත්තර කියලා, නැතුව ඉතින් අර නාකි ආච්චිට ඔය වයසට එච්චර හපන්කමක් කරන්න පුලුවනැයි?'
'ඔවු බන්, විකුනන්නෙ ඒකිගෙ බිත්තර වෙන්නැති, අර බොඩ් එකකුත් ගහල තියෙන්නෙ ගම් කිකිලි බිත්තර කියලා, නැතුව ඉතින් අර නාකි ආච්චිට ඔය වයසට එච්චර හපන්කමක් කරන්න පුලුවනෑයි?' සන්ජුලට තම මව ද පසුපස අසුනේ සිටින බව මොහොතකට අමතකව ගියේ ඔහුගේ කටට කවදත් බ්රේක් නොතිබුනු බැවිනි.
'පුතා සන්ජු, මොනාද ඔය කියන කතා? වයසක මනුස්සයෙකුට කේද ඔය හිනා වෙන්නෙ?' විනීශා තරහින් එසේ ඈසුවේ සන්ජුල පෑවසූ කතාවට නීලන් ද මහ හඩින් අවිනීත සිනාවක් ද එක් කල හෙයිනි.
'පුතා සන්ජු, මොනාද ඔය කියන කතා? වයසක මනුස්සයෙකුට කේද ඔය හිනා වෙන්නෙ?' විනීශා තරහින් එසේ ඈසුවේ සන්ජුල පෑවසූ කතාවට නීලන් ද මහ හඩින් අවිනීත සිනාවක් ද එක් කල හෙයිනි.
දෙදෙනගේම සිනාවන් නිමේශයකින් ඔවුන්ගේ මුව තුල ම ගොලු විය. නීලන් වුවද විනීශා කෙරෙහි දෙක්වූයේ දෙඩි ගෞරවයකි.
දෙදෙනගේම සිනාවන් නිමේශයකින් ඔවුන්ගේ මුව තුල ම ගොලු විය. නීලන් වුවද විනීශා කෙරෙහි දෙක්වූයේ දෙඩි ගෞරවයකි. ඒ තම හොදම මිතුරා මෙන්ම, ඥාති සොහොයුරාද වන, සන්ජුලගේ මව ඔහුගේ පියාගේ ඥාති සොහොයුරියක
වන බැවිනි.
දෙදෙනාගේ මුව ගොලුවනවාත් සමග ම වහනය ද බිත්තර ආච්චී සහ යුවතිය ඉදිරියේ නතර විය. දැරිය අත ප්ලාස්කුවක් ද තිබින. ඈය එම ප්ලාස්කුව විවර කර අනෙක් අතේ තිබූ ප්ලාස්ටික් කොප්පයට තේ එකක් වත්කලේ බොහො සීරුවෙනි.
රචනය - සන්ධ්‍යා කුමුදිනී සුබසිංහ
Published by
mammypages
Rate the article
0 VoteHAPPY
INDIFFERENT
AMMUSED
EXICTED
ANGRY
SAD
Comments (0)
මමීපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සමාන්‍යය දැනගැනිම පිණිස මිස.එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සදහා යෝදා නොගන්න ඔබට යම් රෝගයක් වැළදී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.. ස්තුතියි