READ IN :

Hi, Guest

READ IN :

Hi, Guest

 Print  Report

ආයුර්වේදයෙන් සොබාරුවට (පළමු කොටස)

  

3 years ago

 beauty, women, tips

187
Views
facebook twitter instagram whatsapp whatsapp

ADVERTISEMENT

අපි හැමෝම ලස්සනට ඉන්න කැමතියි. ඈත අතීතයේ දී විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වය තමන්ගේ රූසපුව පවත්වා ගන්නට විවිධ ස්වභාවික ආලේපන වර්ග භාවිතා කළ බවට සාක්‍ෂි ඇත. නමුත් වර්තමානයේ දී නම් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරවම තමන්ගේ රුව වඩවාලන ප්‍රතිකාර වලට යොමු වනවා. 

රූපලාවන්‍ය කියන්නේ මොකක් ද??

සරළම අර්ථය නම්, උපතින් රැගෙන ආ දැනට පවතින රූසපුව පවතිනවාට වඩා යහපත් කිරීමට, පියකරු කිරීමට, සෞම්‍ය බවක් ලබා දීමට, වඩාත් ආකර්ශණශීලී බවක් ලබා දීමට, ශරීරයට හානියක් නොවන අන්දමට අනුගමනය කරන සියලූම ක්‍රියාවන් ය. 

රූපලාවන්‍ය ගැන සැළකීමේ දී පංච කල්‍යාණයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.

1. ඡවි කල්‍යාණය - නිරෝගී, පැහැපත්, ඒකාකාරී වර්ණයකින් යුතු සමක් පවත්වා ගැනීම 

2. කේශ කල්‍යාණය - නිරෝගී, දිගු කෙස් කළඹක් පවත්වා ගැනීම 

3. දන්ත කල්‍යාණය - නිරෝගී දත් දෙපළක් පවත්වා ගැනීම 

4. වය: කල්‍යාණය - තමන්ගේ සත්‍ය වයසට වඩා අඩු පෙනුමකින් යුක්ත වීම

5. මාංස කල්‍යාණය - උසට සරිලන බරක් පවත්වා ගැනීම

පොදුවේ ගත් කළ මේ කල්‍යාණයන් පහම ඉතාමත් වැදගත්, දීර්ඝ වශයෙන් සාකච්ජා කළ හැකි කාරණා පහකි.ඒ නිසා එක් කල්‍යාණයක් පිළිබඳව අපි අද සාකච්ජා කරමු.

ඡවි කල්‍යාණය

මුලින්ම ඡවි කල්‍යාණය පිළිබඳව සාකච්ජා කරන්නට විශේෂ හේතුවක් තිබෙනවා. ඒක තමයි මුලින්ම අපට කෙනෙක් මුණගැහුණම ඒ පුද්ගලයා ගැන අපේ හිතට දැනෙන හැඟීම එසේත් නැත්නම් ත්‍සරිඑ ෂපචරුිසදබ එක සඳහා ඉතාමත් වැදගත් සාධකයක් බවට සම පත්වනවා. එයට හේතුව නම් විවිධ රුධිර නාල, ස්නායු ජාල, මාංශපේෂි, ඉන්ද්‍රියන් යනාදියෙන් නිර්මාණය වුණු අපේ මේ ශරීරයට අලංකාරයක් ගෙනදෙන්නට අපේ විශාලම ඉන්ද්‍රිය වන සම ඉතාමත් වැදගත් සාධකයක් බවට පත්වීමයි.එනිසා එය ලප කැළැල් වලින් තොරව,ඒකාකාරී පැහැයකින් යුතුව, කුරුළෑ ආසාධන වලින් තොරව නිරෝගී ලෙස පවත්වා ගන්නට අපට හැකිනම්, අපේ ශරීරයේ තිබෙන සුළු සුළු අඩුපාඩුකම් ඉස්මතු වෙන එක වළකාගන්නටත් එය උපකාර වෙනවා.

මොනවද මේ බ්ලීචින් කියන්නේ ??

සම ගැන කතා කරනවිට නිතරම අසන්නට ලැබෙන වචනයක් තමයි බ්ලීචින් කියන්නේ. බොහෝදෙනෙක් සිතන දෙයක් තමයි ඡවි කල්‍යාණය කියන්නේ තමන්ට සුදු පැහැ සමක් පවත්වා ගන්නවා කියන කාරණය. එය ඉතාමත් වැරදි මතයක්. ශ්‍රී ලංකාව කියන්නේ ඝර්ම කලාපික රටක්. අවුරුද්ද පුරාම හොඳින් හිරුඑළිය ලැබෙන රටක්. ඉතිං අපේ සමට ආවේණික පැහැය වන්නේ තළෙලු වර්ණය යි. බොහෝදෙනෙක් මුලින් කියූ වැරදි මතය නිසා වෙළඳපලේ ඇති ප්‍රමිතියකින් තොර, දින දෙක තුනෙන් සුදු පැහැය ලබාගතහැකි බ්ලීචින් අඬංගු ආලේපන වර්ග වලට යොමුවනවා. මේවා මඟින් සිදුවන්නේ අපේ සමට ආවේණික පැහැය ලබාදීමට ක්‍රියාකරන මෙලනින් වර්ණකය අඬංගු මෙලනොසයිට වල ක්‍රියාව අඩපණ කිරීමයි. මෙවැනි ආලේපන වර්ග දිගුකාලීන භාවිතය නිසා, අධික හිරුඑළියට නිරාවරණය වූ විට සමේ විවිධ ආසාධන තත්ත්ව සහ කුරුළෑ ආදිය හට ගැනීමත්, සම ආශ්‍රිත පිළිකා තත්ත්ව වලට ගොදුරු වීමත් සිදුවිය හැකියි. බොහෝවිට මෙවැනි ආලේපන වර්ග භාවිතා කරන තුරු සම ඉතා පිවිතුරුව පැවතුනත්, එය නැවතූ වහාම සමේ විවිධ ආසාධන තත්ත්ව සහ කුරුළෑ ආදිය හට ගැනීම නිසා සම කළුපැහැ ගැන්වී ඉතාමත් අවලස්සන තත්ත්වයකට පත් වන්නට පුළුවනි.



Published by
mammypages


0LOVEFAVOURITE

SOME INTERESTED PRODUCTS YOU MAY LIKE

Rate the article

0 Vote
0%

HAPPY

0%

INDIFFERENT

0%

AMMUSED

0%

EXICTED

0%

ANGRY

0%

SAD

Comments (0)


අයිතිය අත්හැරීමේ ප්‍රකාශය

මමීපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සමාන්‍යය දැනගැනිම පිණිස මිස.එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සදහා යෝදා නොගන්න ඔබට යම් රෝගයක් වැළදී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.. ස්තුතියි

RELATED ARTICLES