6 months ago
beautycare, women, skincareසම පැහැපත් කරගත හැකි තවත් ආලේපනයක්
මෙයද ඔබට අඩු වියදමකින් සකස් කර ගත හැකි සම පැහැපත් කරගත හැකි තවත් තවත් ආලේපනයක් වේ. මෙය අඩු වියදමකින් කර ගත හැක්කක් වුවද එයින් ලබාගත හැකි ප්රතිඵලවල කිසිදු අඩුවක් නොවනු ඇතිවාක් මෙන්ම මෙම ආලේපනය කිසිදු සැකයකින් තොරව සමට හෝ ශරීරයට කිසිදු හානියක් ඇතිනොකරන්නක් බවද කිව යුතුය.
ආලේපනය සකසා ගැනීමට අවශ්යකරන අමුද්රව්ය-
සැබැවින්ම මේ සඳහා අවශ්ය කරන්නේ අමුද්රව්ය තුනක් පමණක් වන අතර එයිනුත් දෙකක්ම ඔබට වියදමකින් තොරවම ලබාගත හැකිවනු ඇතළපටි නුග අරල් කැබැලි දෙක තුනක්
මම මෙහිදී නුග අරල් කියද්දී ඇතැම් විට ඔබ අන්ද මන්ද වෙන්නටත් හැකි වන්නේ ඔබ ඒවා ගැන නොදන්නවා යැයි සිතන නිසා වන්නට ඉඩ තිබේ. එහෙත් එහි මවිත වන්නට තරම් දෙයක් වන්නේ නැත. මක්නිසාද, අප එලෙස හඳුන්වන්නේ නුග ගස්වලින් පහළට එල්ලා වැටෙන මුල් නිසාවෙනි
කෙසෙල් බඩ කැබැල්ලක්
මෙම කෙසෙල් බඩද ඔබට කපා ඉවත් කර ගත් කෙසෙල් කඳක මතුපිටින් ඇති තෙසෙල් පතුරු කපා ඉවත් කරන විට දැක ගැනීමට හැකිවනු ඇත. එනිසා එයින් අගල් හය හතක පමණ කැබැල්ලක් වෙන්කර ගන්න
අඟල් හය හතක පමණ රසකිඳ කැබැල්ලක්
මෙය නම් ඔබට ලබාගත හැකිවන්නේ සිංහල බෙහෙත් බඩු කඩයකිනි. එහෙත් ඒ සඳහාද එතරම් මුදලක් වැය නොවනු ඇත. මේ වෙන්කරගත් අමද්රව්ය තුනම හොඳින් සොදා පිරිසිදූ කර තෙත ඉවත් කරගන්න. ඉන්පසු ඒවා ඉතා සිහින්ව අඹරා ගන්න.මෙසේ අඹරාගත් කොටස් තුනම ඉන්පසු එකට එකතුකර හොඳින් මිශ්ර කර අනාගන්න. මෙසේ අනාගත් තලපයක් වැනි ආලේපනය ඊළඟට ඔබ කලින් පිරිසිඳු කරගෙන ඇති සම මත හොඳින් ආලේප කර පැය භාගයක් පමණ තිබෙන්නට හැර පිරිසිඳු ජලයෙන් සෝදා හරින්න.
අනතුරුවභට හුරු පුරුදු කිසියම් මොයිස්චර් වර්ගයකින් සුරුවම් කරගන්න. මෙය සතියකට වතාවක් පමණ වුවත් ඔබට කළ හැකි සත්කාරයක් බවත් මතක තබාගන්න. එමෙන්ම මේ සඳහා යොදාගන්නා අමද්රව්ය වුවද කිසිදු සැකයකින් සංකාවකින් තොරව කෑමට බීමට වුවද යොදාගන්නා ඒවා වන බව ද කිව යුතු කරුණකි.
Published by
mammypages
Rate the article
0 VoteHAPPY
INDIFFERENT
AMMUSED
EXICTED
ANGRY
SAD
Comments (0)
මමීපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සමාන්‍යය දැනගැනිම පිණිස මිස.එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සදහා යෝදා නොගන්න ඔබට යම් රෝගයක් වැළදී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.. ස්තුතියි