2 years ago
beauty, women, creamඔබේ සමට දිදුලන පැහැපත් පෙනුමක් ලබා ගැනීම සඳහා ආලේප කිරීමට සුදුසු වන තවත් ආලේපනයක් සාදා ගන්නා ආකාරය සමඟින් අද ඔබට පෙර සතියේ පොරොන්දු වූ ලෙසින් මෙලෙස පැමිණියේද පැරණි වෙද පුස්තකයකින් උපුටාගත් වට්ටෝරුවක් සමඟිනි.
මෙම ආලේපනය සාදා ගැනීම සඳහා ඕබට වැඩි දෙයක් අවශ්‍ය නොවේ.
මේ සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ළඟම ඇති සිංහල බෙහෙත් බඩු කඩයකින් මෙන්ම ඔබගේ මුළුතැන්
ගෙය තුලින් සොයා ගත හැකි බව මම මුලින්ම සඳහන් කරමි.
අවශ්‍ය කරන අමුද්‍රව්‍ය
01. කඩල පිටි තේ හැඳි 04ක්.
02. මුං ඇට පිටි තේ හැඳි 04ක්.
03. කොකුම් පොතු කුඩු තේ හැඳි 02ක්.
04. මධ්‍යම ප්‍රමාණයේ කෝමාරිකා පිත්තක්.
මුලින්ම මෙම කෝමාරිකා පිත්ත දැප් සෝදා එහි දෙපස ඇති කටු සහිත දාර කොටස් කපා ඉවත් කරන්න. ඉන්පසු එම පිත්ත මැදින් දෙකට පලා හැන්දක් ආධාරයෙන් මදය සූරා වෙන් කරගන්න.
ඊළඟට එය හොඳින් බීට් කරගන්න. මෙලෙස බීට් කරගත් කෝමරිකා යුෂ බඳුන පසෙකින් තබා අනතුරුව තවත් කුඩා බදුනක් ගෙන එයට ඔබ භාවිතයට වෙන් කරගත් කඩල පිටි හැඳි 04ත්, මුං ඇට පිටි හැඳි 04ත් එක්කරන්න. මෙම මිශ්රණයට කලින් සාදා ගත් කෝමාරිකා යුෂද
ටිකින් ටික එක්තු කරමින් හොදින් අනා සකස් කර පිරිසිදුකර ඇති සම මත ආලේප කරන්න. මෙසේ ගල්වාගත් ආලේපනය විණාඩි 20ක් පමණ තිබෙන්නන්ට හැර පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.
මෙම සත්කාරය සතිපතා කිරීම තුලින් ඔබට නොවැරදීම ඔබේ සම පැහැපත් කර ගත හැකිවනු නිසැකය.
Published by
mammypages
Rate the article
0 VoteHAPPY
INDIFFERENT
AMMUSED
EXICTED
ANGRY
SAD
Comments (0)
මමීපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සමාන්‍යය දැනගැනිම පිණිස මිස.එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සදහා යෝදා නොගන්න ඔබට යම් රෝගයක් වැළදී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.. ස්තුතියි