4 years ago
father, baby, careඔබ පියෙක් හෝ පියෙක් වීමට බලාපොරොත්තු වන්නෙක්ද? එසේනම්, මේ උපදෙස් ඔබට ඉතා ප්රයෝජනවත් වනු ඇත. ඔබේ බිරිඳ අළුතෙන් බබෙක් ලැබුණු පසු, යම් වෙනස්වීම් රාශියකට භාජනය වේ. එය ඔබට යම් පමණකට අභියෝගයක් විය හැකිය. සමහර විට, මෙතෙක් කෙළි ලොල් ජීවිතයක් ගත කළ ඔබට, ජීවිතයේ මෙම වෙනස් වීමට මුහුණ දීම යම් තරමකට අපහසු කරුණක් විය හැකිය. කෙසේ නමුත්, මුලදී මෙය තරමක් අපහසු කාර්යයක් වූවද, එම අවස්ථාවට මුහුණ දීම සඳහා උදව් උපකාර ලබා ගැනීම සඳහා බොහෝ දෙනෙක් ඔබ වෙනුවෙන් සැදී පැහැදී සිටිනු ඇත.
පහත සඳහන් කරුණු ඔබට ඉතා ප්රයෝජනවත් වනු ඇත :
·
ධනාත්මක සිතිවිලි වලින් පරිණත වීම – ඔබේ බිරිඳගේ ගර්භණී භාවය පිළිබඳ පැහැදිලි නිරවුල් මනසකින් යුක්ත වන්න. ඔබේ බිරිඳගේ ශරීර අවයවවල ඇතිවන වෙනස්කම් නිසා, ඇය යම් අපහසුතාවයකින් පෙළිය හැක. ඇයගේ මෙම මානසිකත්වය බිඳ දැමීම ඔබට බාරය. එනම්, ඇය තවමත් පෙර පරිදිම ලස්සන බවත්, ඔබ ඇයට පෙර පරිදිම ආදරය දක්වන බවත් නිතර කියන්න
·
ඔබේ බිරිඳට උපකාර කරන්න – හැකි සෑම වෙලාවකම, ඔබේ බිරිඳ සමඟ ඇගේ ගර්භණී භාවය පිළිබඳ සාකච්චා කරන්න. ශ්‍රී ලාංකික පියවරුන් අළුත් බිළිඳුන් ලැබුණු පසු, තම යහළුවන් සමඟ වැඩි වේලාවක් ගත කිරීමට උත්සහ දරන අයුරු පෙනෙන්නට ඇත. නමුත්, මේ අවස්ථාව ඔබේ බිරිදට, ඔබව පෙරදාටත් වඩා අවශ්‍ය වන කාලයක් බව තරයේ සිතේ තබා ගන්න.
·
ඉදිරියට ඇදී එන වෙනස්කම් පිළිබඳව කතා කරන්න – ශ්‍රී ලාංකික පියවරුන් මේ පිළිබඳව කතා කිරීමට පසුබට වන බව පෙනේ. අලුතින් මුහුණ පෑමට වන ප්‍රශ්න සහ ඒවා පාලනය Published by
mammypages
Rate the article
0 VoteHAPPY
INDIFFERENT
AMMUSED
EXICTED
ANGRY
SAD
Comments (0)
මමීපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සමාන්‍යය දැනගැනිම පිණිස මිස.එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සදහා යෝදා නොගන්න ඔබට යම් රෝගයක් වැළදී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.. ස්තුතියි