3 years ago
young, age, girlලංකාවේ අවුරුදු
13 සිට 19 වයස් කාණ්ඩයේ ළමයින් ගර්භනීභාවයට පත්වීම
හිතන්න, ඔබේ වයස අවුරුදු 13ත් 19ත් අතර කාලයේ ඔබ ගැබිනියක් වෙනවා කියලා! කොහොමද ඔයා ඉස්කෝලේ යන්නේ? කොහොමද ඔයා යාළුවන්ට හා ගුරුවරුන්ට මුහුණ දෙන්නේ? කොහොමද ඔයා, එය ඔයාගේ දෙමවුපියන්ට කියන්නේ!” මගේ අම්මා නිතරම කියන කතාවක් තමයි “ඇමෙරිකාවේ ඉන්න අවුරුදු 13ත් 19ත් කාණ්ඩයේ ගැහැණු ළමයි පමණයි ගැබිණි බවට පත් වෙන්නේ කියලා. ශ්‍රී ලංකාවේ ගැහැණු ළමයි එහෙම වෙන්නේ නැහැ, එයාලා වැරදි විදියට හැසිරුනේ නැත්නම් ” කියලා.
ඒ කතාව අහල පුරුදුයි නේද ? අපේ සියලුම පාඨකයින් හිතාගෙන ඉන්නේ ශ්‍රී ලංකාවේ මෙය සිදු නොවේ යයි කියලද? නම් මෙන්න ඇඟ කිලිපොලා යන සංඛ්‍යා ලේඛන විස්තර: ශ්‍රී ලංකාවේ අවුරුදු 13 සහ 19 අතර වයස කාණ්ඩයේ ගැහැණු ළමුන්ගෙන් 7% කට වැඩි ප්‍රමාණයක් ගැබිනියන් වී ඇති බව වාර්තා ගත වී ඇත. එනම් අවුරුදු 20 ට වඩා අඩු වයසේදී ගැහැණු ළමයින් ගැබිණි බාවයට පත් වී ඇත.
ශ්‍රි ලංකාවේ අවුරුදු 13ත් 19ත් අතර ගැහැණු ළමුන් ගර්භනී භාවයට පත් වෙන්නේ ඇයි?
බොභෝ පවුල් වල ඇති මතු පිටට නොපෙනෙන අස්ථායිතාව සහ දරිද්‍රතාවය ශ්‍රී ලංකාවේ ගැහැණු ළමුන් ඉක්මනින් ගැබිණි භාවයට පත්වීමට මුල් වූ සිද්ධාන්තයකි. තවත් සමහර පොදු ප්‍රශ්න නම් පියා මත්පැන් වලට ඇබ්බැහි වුවෙක් විය හැකි අතර, තවත් සමහරුන්ගේ අම්මලා මුදල් අඟ හිඟකම් නිසා පිටරට ගොස් ඇත. තවද, මුදල් අසීරුතාවයන් නිසා ළමයින් පාසැල් නොයනවා විය හැක.
ඇතැම් ළමුන්ට ලිංගිකත්වය සහ ගැබිණි භාවය පිලිබඳ පැහැදිලි වැටහීමක් නැති කමත් මෙම ඛේදයාචකයට එක් හේතුවකි. බොහෝ දෙමවුපියන් ලිංගිකත්වය පිලිබඳ හෝ ලිංගික අධ්‍යාපනය පිලිබඳ තරුණ ළමයින් සමග නිදහසේ කතා කිරීමට පසුබට වෙති.
Published by
mammypages
Rate the article
0 VoteHAPPY
INDIFFERENT
AMMUSED
EXICTED
ANGRY
SAD
Comments (0)
මමීපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සමාන්‍යය දැනගැනිම පිණිස මිස.එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සදහා යෝදා නොගන්න ඔබට යම් රෝගයක් වැළදී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.. ස්තුතියි