READ IN :

Hi, Guest

READ IN :

Hi, Guest

 Print  Report

ඔසප් වේදනාව

  

3 years ago

 girl, menses, pain

81
Views
facebook twitter instagram whatsapp whatsapp

ADVERTISEMENT

මෙලොවට බිහිවන සෑම බිළිඳියකටම යම් දිනයක යුවතියක මවක ලෙස සිය ජීවිතයට මුහුණ දීමට සිදු වෙයි. දියණියකගේ ඔසප් චක්‍රය ආරම්භ වීම, වැඩිවිය පැමිණීම ලෙස හැඳින්වෙන අතර එය මව්පදවිය ලැබීමට අවශ්‍ය මූලික සුදුසුකම සපුරාලීම යැයි පැවසුවහොත් වඩාත් නිවැරදිය.

මෙසේ මාසිකව මුහුණදීමට සිදුවන මෙම ක්‍රියාවලිය ඇතැමෙකුට කිසිදු පීඩාකාරී තත්ත්වයක් ගෙන නාවද තවත් පිරිසකට මහත් පීඩාවක් ගෙන දෙයි. මාසිකව ඔසප් වීමේදී කොන්ද හා යටිබඩ ආශ්‍රිතව වේදනාව හටගැනීම සාමාන්‍ය තත්ත්වයක් වුවද වර්තමානය වන විට තරුණ අවධියේ පසුවන 50% – 60% පමණ වන කාන්තාවන්හට තම එදිනෙදා කාර්යයන් ඉටුකරගැනීමට පවා මේ තත්ත්වය බාධාවක්ව පවතී. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මේ අධික ඔසප් වේදනාව පිළිබඳ සටහනකි.

අධික ඔසප් වේදනාව දෙයාකාරයකට ඇතිවිය හැක.

01 වැරදි ආහාර විහරණ හේතුවෙන් දෝෂ කෝපවීම නිසා හටගන්නා වූ ඔසප් වේදනාව. : (Primary dysmenorrhea) මෙය උදාවර්තා රෝගය ලෙස ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හඳුන්වයි.

02 වෙනත් රෝග තත්‍වයක් හේතුවෙන් එහි රෝග ලක්‍ෂණයක් ලෙස හටගන්නා ඔසප් වේදනාව (Secondary dysmenorrhea)

03 උදාවර්තා රෝගී අවස්ථාව. (Primary dysmenorrhea)

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන වෛද්‍ය ග්‍රන්ථයක් වන චරක සංහිතාවේ මෙම රෝගය “ උදාවර්ති රෝගය” ලෙසත් අෂ්ටාංග හෘද සංහිතාවේ උදාවර්තා රෝගය ලෙසත් හඳුන්වයි.

Published by
mammypages


0LOVEFAVOURITE

Rate the article

0 Vote
0%

HAPPY

0%

INDIFFERENT

0%

AMMUSED

0%

EXICTED

0%

ANGRY

0%

SAD

Comments (0)


අයිතිය අත්හැරීමේ ප්‍රකාශය

මමීපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සමාන්‍යය දැනගැනිම පිණිස මිස.එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සදහා යෝදා නොගන්න ඔබට යම් රෝගයක් වැළදී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.. ස්තුතියි

RELATED ARTICLES