READ IN :

Hi, Guest

READ IN :

Hi, Guest

 Print  Report

කටට රසට තිබ්බටු මැල්ලුම

  

3 years ago

 health,thibbatumallow, food

7
Views
facebook twitter instagram whatsapp whatsapp

ADVERTISEMENT

තිබ්බටු කියන්නේ මේ දිනවල භාවිතයට වඩාත්ම සුදුසු ප්රතිශක්තිකරණය අතින් ඉතාමත්ම ඉහළ එළවළු වක් සෙම් රෝග පාලනය කිරීමේ හැකියාව එය සතුයි. කැස්සට සහනය සලසන අතර නරක් වූ සෙම ඉවත්කර හරිනවා. උගුරේ ආබාධ ද සුව කරනවා.හුස්ම ගැන්මේ අපහසුතා මගහැරීමේ ශක්තියකින් යුතූ යි. ඇදුම මැඩපවත්වනවා සේ ම පෙණහළු ආශ්රිත රෝග සදහා බොහොම ද වඩාත් සුදුසුයි. එහි සතු ගුණ හානි නොවන ලෙස මේ ආකාරයට පිළියෙල කර නිතර ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි

අවශ්ය දේවල්

තිබ්බටු ග්‍රෑම් 250‍
ගාගත් පොල් කෝප්ප 1/2
සුදුලූණු බික් 3
රතුළුණු ගෙඩි 2 හෝ 3
ගම්මිරිස් කුඩු තේ හැදි 1
අමුමිරිස් කරල් 2
කහ කුඩු තේ හැදි කාලක්
ලුණු අවශ්ය තරමට
කරපිංචා කොළ ටිකක්
උම්බලකඩ ටිකක්
තෙල් ටිකක්

සාදන ආකාරය

මුලින්ම තිබ්බටු ටික තලලා හොඳින් සෝදා පිරිසිදු කර ගන්න ලුණු සහ කහ ටිකක් අතගාලා තිබ්බටු ටික හුමාලේ තම්බගන්න විනාඩි 7ක් 8ක් පමණ , දැන පොල් මිශ්රණය සාදාගමු ඒ සදහා, රතුළුණු ,සුදු ළුණු අමුමිරිස් ,කරපිංචා ගම්මිරිස් ,කහ සහ ලුණු එකතු කර හොඳින් වංගෙඩියක හෝ බ්ලෙන්ඩ්ර් එකක් ආදාරයෙන් කොටාගන්න,ඒ මිශ්රණයට පොල් එකතු කරගන්න. දැන් මැටි ඇතිලියක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඒකට හුමාලේ තම්බාගත් තිබ්බටු ටික එකතු කර විනාඩි දෙකක තුනක් තෙම්පරාදු වෙද්දී පොල් මිශ්රණය එකතු කර හොඳින් මලව ගන්න. අවශ්ය නම් ලිපෙන් ඉවත් කර දෙහි ඇඹුල් ටිකක් උඩින් දාන්න. ඉන්පසු පවුලේ සැමට පිලිගන්වන්න

Published by
mammypages


0LOVEFAVOURITE

Rate the article

0 Vote
0%

HAPPY

0%

INDIFFERENT

0%

AMMUSED

0%

EXICTED

0%

ANGRY

0%

SAD

Comments (0)


අයිතිය අත්හැරීමේ ප්‍රකාශය

මමීපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සමාන්‍යය දැනගැනිම පිණිස මිස.එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සදහා යෝදා නොගන්න ඔබට යම් රෝගයක් වැළදී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.. ස්තුතියි

RELATED ARTICLES