3 years ago
menstruation, girls, painහටගන්නා ආකාරය:
පැරණි ආයුර්වේද වෛද්‍ය සංහිතා ග්‍රන්ථවල සඳහන් වන පරිදි මල වේගය, මුත්‍ර වේගය හා රාමතෙල් යාම වැනි ස්වාභාවික වේග පිට නොකර දරා සිටීම නිතරම සිදුකිරීම මඟින් කුපිත වන වාත දෝෂය යෝනිය (එනම් “ගභාෂය”) පුරවා එමඟින් ආර්තව රුධිරය පළමුව ඉහළට ගමන් කරවා පසුව ඉතා අපහසුවෙන් පහළට යොමු වී පිටවීම හේතුවෙන් කාන්තාවට තද වේදනාව හටගන්නා බවද මේ සමගම ශාරීරික වාත දෝෂය කෝප වන බැවීන් ශාරීරික වේදනාව, වමනය, කරකැවිල්ල වැනි ලක්‍ෂණ හටගන්නා බව දක්වයි. ආර්තව රුධිරය පිට වූ වහා කාන්තාවට සුවයක් ඇති වීම මෙහි ප්‍රධාන ලක්‍ෂණයක් වේ.
රෝග ලක්‍ෂණ
■ යටි උදර හා ශ්‍රෝණි ආශ්‍රිත වේදනාව
■ බඩ බුරුල් කර පිටවීම හෝ මල බද්ධය
■ වමනය/ ඔක්කාරය
■ හිසරදය
■ කරකැවිල්ල
රෝග ලක්‍ෂණයක් ලෙස ඔසප් වේදනාව ඇතිවීම.
ඇතැම් ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්වවල රෝග ලක්‍ෂණයක් ලෙසද ඔසප් වේදනාව ඇති වේ.
1 ගර්භාෂගත අර්බුද හෝ ග්‍රන්‍ථී තත්‍ව. (Fibroids
or cysts)
2 වාතලා රෝග තත්‍වය. (Endometriosis)
3 පිත්තලා රෝග තත්‍වය. : (Acute infection of
reproductive tract)
4 පරිඵලුතා රෝග තත්‍වය. (Pelvic inflammatory disease)
චිකිත්සාව
චිකිත්සා කිරීමට මත්තෙන් රෝගී කාන්තාව හොඳින් පරීක්‍ෂා කර බලා රෝගය සෑදීමට හේතුව සොයා බලා එය ඉවත් කිරීම මුලිකවම සිදුකළ යුතු වේ.ඔසප් වේදනාව වෙනත් රෝග තත්ත්‍වයක රෝග ලක්‍ෂණයක් ලෙස පෙන්නුම් නොකරයි නම් මූලිකව ශරීරයේ වාත දෝෂය සමනය කිරීම සඳහා චිකිත්සා පද්ධතිය පෙළගැස්විය යුතු වේ. ඒ සඳහා කෂාය, ක්වාථ, ගුලි, පෙති හා චූර්ණ වර්ගවලින් සැදුම්ලත් අභ්‍යන්තර චිකිත්සාවක් හා තෛල අභ්‍යාංග, ශිරෝධාරා , වස්ති ප්‍රතිකාර වැනි බාහිර චිකිත්සා පද්ධතියක්ද රෝගියාට හා රෝග තත්ත්‍වයට අනුකූල වන පරිදි යෙදිය යුතු වේ.
ඇතැම් රෝගීන් කිසිම රෝග මූලයක් නොමැතිව දිගු කලක් මානසිකව යම් ආතතියකින් පෙලීම හේතුවෙන්ද අධික ඔසප් වේදනාව ඇති වී
Published by
mammypages
Rate the article
0 VoteHAPPY
INDIFFERENT
AMMUSED
EXICTED
ANGRY
SAD
Comments (0)
මමීපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සමාන්‍යය දැනගැනිම පිණිස මිස.එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සදහා යෝදා නොගන්න ඔබට යම් රෝගයක් වැළදී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.. ස්තුතියි